ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
පෙර ගෙවිම් ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් එක්කෝටි,විසිහයලක්ෂ,තිස්අටදහස්අටසියහැත්තැපහක් (12,638,875) හෙවත් රුපියල් මිලියන 3,052කට ආසන්න ප්‍රේෂණයක් සිදුකර භාණ්ඩ ආනයනයකර නොතිබු ආයතන හා පුද්ගලයින් 69 දෙනෙකු සම්බන්දයෙන් ගැසට් නිවේදනයේ සදහන් විධිවිධාන ප්‍රකාරව ශ්‍රිලංකා රේගුව විසින් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2023 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදින සිට 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනිදින කාලය තුල පෙර ගෙවිම් ක්‍රමය යටතේ අවස්ථා 273ක දි ඇමරිකානු ඩොලර් එක්කෝටි විසිහයලක්ෂයකට අධික මුදලක් ප්‍රේෂණයක් කර භාණ්ඩ ආනයනය කර නොතිබුණි.
ගැසට් නිවේදනය මගින් සත්‍ය ආනයනයක් සදහා පමණක් ප්‍රේෂණයන් සිදුවන බව තහවුරුකිරිම පිණිස ඇතුළත්කර ඇති නියාමනයන් හා පුර්ව කොන්දෙසි නිවරදිව ක්‍රියාත්මක වන බව තහවුරුකොට ගැසට් නිවේදනය බලාත්මක කිරිමට අධිකාරි බලය ලත් ආයතනය වන්නේ ශ්‍රිලංකා රේගුව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රේගුව විසින් එම කටයුතු සිදුකොට නොමැති අතර මේ හේතුවෙන් නිත්‍යානුකුල නොවන අයුරින් උපයාගත් මුදල් විදේශ රටවල් වෙත ප්‍රේෂණය කිරිම වැනි අක්‍රමිකතා සදහා මෙම ප්‍රේෂණ ක්‍රමය භාවිතා කළ හැකි බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

